"විදේශිකයන් ස්පර්ශ කරන්න එපා" - ප්‍රබලයෙක්ගෙන් උපදෙසක්..
China
By krishani
ප්‍රථම වරට වඳුරු උණ ආසාධිතයෙක් වාර්තා වීමෙන් දිනකට පසුව චීනයේ ඉහළ පෙළ සෞඛ්‍ය නිලධාරියෙක් විසින් එරට ජනතාවට අනතුරු ඇඟවීමක් කර ඇත.
ඒ අනුව එම සෞඛ්‍ය ප්‍රධානියා එරට ජනතාවට අනතුරු අඟවන්නේ විදේශිකයන් ස්පර්ෂ කිරීමෙන් වලකින ලෙසයි.
චීනයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ Wu Zunyou, සෙනසුරාදා Weibo සමාජ මාධ්‍ය වේදිකාවේ අදහස් පළ කරමින් පැවසුවේ රටේ Covid-19 සීමා කිරීම් සහ පාලනයන් මේ වන විට වඳුරු රෝගය පැතිරීම වළක්වා ඇති බවය.
උණ වැනි රෝග ලක්ෂණ සහ බිබිලි වැනි තුවාල ඇති කරන වඳුරු උණ වසංගතය, මැයි මාසයේ දී ලොව පුරා මතුවීමට පටන් ගත් අතර එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව මේ වසරේ මේ දක්වා රෝගීන් 23,500 ක් වාර්තා වී ඇත.