රිලවුන් රට යැවීම ගැන අලුත්ම ආරංචියක්..

Sri Lanka
By Aruna Apr 14, 2023 05:08 AM GMT
Aruna

Aruna

Report

සතුන් විසින් ඵලදාව විනාශ කිරීමට පිළියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව මගින් රිළවුන් වැනි සතුන් අපනයනය කිරීමට නිර්දේශයක් ඉදිරිපත් කර නොමැති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කරනවා.

එමෙන්ම පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුලු පරිසර සංවිධාන හතරක් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම ක්‍රියාවට එරෙහිව අදහස් දක්වා ඇත්තේ.

අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ, ස්වභාව ධර්මයට අදාළ විසඳුම් දිය යුත්තේ, විද්‍යාව සහ පර්යේෂණ පදනම් කරගෙන බවත්, ඉදිරි මැතිවරණ ගැන සිතමින් විසඳුම් ලබාදීම සිදු නොකළ යුතු බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now