සෙනසුරාදා රිලවු ගණින්න සියල්ල සූදානම්!

By Shehan Mar 08, 2025 03:34 AM GMT
Report

 වඳුරු රිලා මොනර සංගණනයෙන් 100%ක නිවැරදි දත්ත ලබා ගත නොහැකි බවත් 90%ක හෝ නිවැරදි දත්ත ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

සංගණනය සඳහා විනාඩි පහක් ලබා දීම මාධ්‍ය මගින් හාස්‍යයට ලක් කළ ද සතුන් එක තැනක සිටින නිසා පැය භාගයක් වැනි දිගු කාලයක් ඊට ලබා දිය නොහැකි බව ද හෙතෙම සඳහන් කරයි.

අල් ජසීරා සාකච්ඡාවේදී වෙච්ච දේ.. රාසරත්නම් ගැනත් රනිල් එළියට ඇවිත් කියයි

අල් ජසීරා සාකච්ඡාවේදී වෙච්ච දේ.. රාසරත්නම් ගැනත් රනිල් එළියට ඇවිත් කියයි

 සතුන් ඉර එළිය සැර වීමට පෙර එළියට එන නිසා උදේ කාලය සංගණනය සඳහා යොදා ගත් බවත් නිවාඩු දිනයක් නිසා සෙනසුරාදා යොදා ගත් බවත් නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි.

ඉඩමේ අයිතිකරු කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක නම් එම ඉඩම්වල මෙන්ම පාසල් වැනි ස්ථානවල ද සතුන් සංගණනය සඳහා කිහිප දෙනෙකු යොමු කළ යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.