මත්තල ගුවන් තොටුපළට ගෝලීය ආයෝජකයින්ට ආරාධනා

Report

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් සේවා හා සම්බන්ධ ආයෝජන අවස්ථා සඳහා ගෝලීය මට්ටමේ ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, ගුවන් තොටුපළේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, නව ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීම සහ ප්‍රාදේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමනාගමන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණු වන බව සඳහන් වේ.

මෙම යෝජනා කැඳවීම යටතේ, ගුවන් තොටුපළ කළමනාකරණය, භාණ්ඩ ප්‍රවාහන සේවා, නඩත්තු හා තාක්ෂණික සේවා, සහ සංචාරක කටයුතු සම්බන්ධ පහසුකම් වැනි ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා ලබාදීමට අපේක්ෂා කරයි.

බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක් - පොලීසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්

බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක් - පොලීසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්

අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මත්තල ගුවන් තොටුපළ ප්‍රාදේශීය ගුවන් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබා ගැනීම මෙහි අරමුණක් වන බවයි.

ඒ අනුව, විදේශීය සහ දේශීය ආයෝජකයින්ට සාර්ථක ව්‍යාපාරික අවස්ථා සපයමින්, රටේ ආර්ථික වර්ධනයට දායක වීමට මෙම වැඩසටහන මඟපෙන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරි කාලය තුළ ලැබෙන යෝජනා ඇගයීමෙන් පසු සුදුසු ආයෝජකයින් තෝරාගැනීමට සහ ගිවිසුම් අත්සන් කිරීමට පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන් වේ.

වසර 28ක් එකතැන තිබු කන්ටේනර පෙට්ටියක් ඉවත් කිරීමට අවසර හිමිවෙයි

වසර 28ක් එකතැන තිබු කන්ටේනර පෙට්ටියක් ඉවත් කිරීමට අවසර හිමිවෙයි