මේ අයව තමයි වැඩිපුරම ඉලක්ක කරලා තියෙන්නේ...ඉන්දියාවට පලා ගිය අඹු සැමි යුවළ ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්..

CID - Sri Lanka Police Bandaranaike International Airport Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Dec 27, 2024 09:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රුපියල් කෝටි 160ක මුදලක් වංචාකර රටින් පළාගොස් සිටි අඹුසැමි යුවළක් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර යුවළ අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ප්‍රිවෙල්ත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් නම් මූල්‍ය ආයතනය මගින් ව්‍යාපාරවල ලාභාංශ ලබාදෙන බව පවසා රුපියල් කෝටි 160ක පමණ මුදලක් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබී තිබුණි.

මොකක්ද මේ ඒ ගමන රාජ්‍ය සේවකයන් ගැන ඇහෙන කතාව..තනතුරුත් නැතිවෙයිද..?

මොකක්ද මේ ඒ ගමන රාජ්‍ය සේවකයන් ගැන ඇහෙන කතාව..තනතුරුත් නැතිවෙයිද..?

ඒ අනුව විමර්ශන සිදුකළ නිලධාරීන්ට දැනගැනීමට හැකිව ඇත්තේ එහි අධ්‍යක්ෂවරයා, සිය බිරිය හා දරුවා සමග නීතිවිරෝධී අයුරින් බෝට්ටුවක් මගින් 2021 වසරේදී ඉන්දියාවට පළාගොස් ඇති බවය.

අනතුරුව සැකකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කළ අතර, එහිදී සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, සැකකරු සිය පවුලද සමග ඉන්දියාවේ වේදනායගම් ප්‍රදේශයට ගොඩබැසීමේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අනතුරුව ඔවුන් වසර තුනක පමණ කාලයක් එරට රැඳවුම් භාරයේ සිට ඇති අතර‍, ඊයේ (26) දිනයේදී මෙරටට පිටුවහල් කර තිබේ. පළමුව අදාළ ආයතනයේ හිමිකරු හා ඔහුගේ 14 හැවිරිදි පුත්‍රයා දිවයිනට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Tansuo 3 මංගල ගමන අරඹයි..!

Tansuo 3 මංගල ගමන අරඹයි..!

ඔහුගේ බිරිද මෙරටට පැමිණීමට නොහැකි බව පවසමින් ඉන්දියාවේදී කලබල කර ඇති අතර අනතුරුව ඇයව වෙනත් ගුවන් යානයකින් මෙරටට එවා තිබේ. ඒ අනුව ඇයව ද ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන් පිරිස අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී තිබේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ මහ බැංකුවේ අදාළ මූල්‍ය ආයතනය ලියාපදිංචි කර නොමැති බවය. එමෙන්ම සිය ව්‍යාපාරය පාඩු ලැබීම හේතුවෙන් ලාභාංශ ගෙවීම මගහැර දිවයිනෙන් පලාගිය බවද ඔවුන් පවසා තිබේ. සමන්තුරේ, කල්මුණේ සහ අම්පර ප්‍රදේශවල මුස්ලිම් ජනයා ඉලක්ක කර මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකළ බවද සැකකරුවන් පවසා ඇති බව වාර්තා වේ.

………………………………………………………………………………………………

You may like this video 👇



ReeCha