වයස අවුරුදු 12 – 15 අතර ළමුන්ට අනුමැතිය හිමි වූ කොවිඩ් එන්නත මෙන්න..ප්‍රබල රටක තීරණයක්

COVID19 VACCINATION MODERNA AUSTRALIA PFIZER
By Sewvandhi Sep 04, 2021 05:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12 – 15 අතර ළමුන්ට “මොඩර්නා” එන්නත ලබාදීම සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා. මේ අනුව ඕස්ට්‍රේලියාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවත් වේගවත් වනු ඇති බවයි අගමැති ස්කොට් මොරිසන් පවසන්නේ.

දැනටමත් මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, ස්විට්සර්ලන්තය සහ යුරෝපා සංගමයට අයත් රටවල වයස අවුරුදු 12 – 15 අතර ජනගහණයට “මොඩර්නා” එන්නත දීමා සඳහා අනුමැතිය ලැබී තිබෙනවා.

එහි මාත්‍රා 02 අතර පරතරය දින 28 ක්. මෙම සතිය තුළදී මහා බ්‍රිතාන්‍යයෙන් “ෆයිසර්” එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ද ඕස්ට්‍රේලියාවට ලැබීමට නියමිතව තිබෙනවා. එය ලබාදෙන්නේ වයස අවුරුදු 16- 39 ත් අතර පිරිසටයි.

ශ්‍රී ලංකාව ගෙවුනු සතියේ ජනගහණයට සාපේක්ෂව ලෝකයේ වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට පත්ව ඇත. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාල මේ බව සඳහන් කරන්නේ කොරෝනා දත්ත විශ්ලේෂණය කරන Ourworld ආයතනය උපුටා දක්වමිනි.

ගතවූ සති තුළ පමණක් ශ්‍රී ලංකාව තම රටේ ජනගහනයෙන් 13% එන්නත් කරනයට ලක් කර තිබේ. ඒ සම්බන්ධයෙන් Ourworld ප්‍රධානියා විසින්ද ට්විටර් සටහනක් තබා ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW