ප්‍රභල සුළි කුණාටුවක් රටවල් දෙකකටම ඇතුළු වෙයි.. ලංකාවටත් එයිෆ්හ.. විස්තර

By Sithumi May 14, 2023 05:59 PM GMT
Sithumi

Sithumi

Report

මෝඛා චණ්ඩ සුළි කුණාටුව බංග්ලාදේශයට සහ මියන්මාරයට කඩා වැදී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ පස්වන කාණ්ඩයේ ප්‍රභල සුළි කුණාටුවක් ලෙස බවයි.

පැයට කිලෝමීටර 195 ක් තරම් වූ ප්‍රචණ්ඩ සුළං ධාරා සමග කඩා වැදුනු මෝඛා හේතුවෙන් බංග්ලාදේශයට සහ මියන්මාරයේ වෙරළ කලාප සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇතැයි සඳහන් වන අතෆ ප්‍රදේශ රැසකින් ජල ගැලීම් ද වාර්තා වනවා.

  අයහපත් කාලගුණය හේතුවෙන් බංග්ලාදේශයේ පිහිටි ලොව විශාලතම සරණාගත කඳවුර වන කොක්ස් බසාර් වෙත බලපෑම් එල්ල කරනු ඇතැයි එරට බලධාරීන් බිය පළ කරනවා.

එහි වෙසෙන සරණාගතයින් සංඛ්‍යාව මිලියනයකට ආසන්න බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. දශක දෙකකට ආසන්න කාලයකදී බංග්ලාදේශයට බලපෑ ප්‍රබලතම කුණාටුව මෙම මෝඛා සුළි කුණාටුව බව සඳහන්.

පවතින අවදානම් තත්ත්වය හමුවේ පුද්ගලයින් ලක්ෂ 05 ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි ද බංග්ලාදේශ බලධාරීන් සඳහන් කළා. 

මේ අතර චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ ප්‍රදේශ රැසක ගොඩනැගිලිවලට හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර එරට රකිනේ ප්‍රාන්තයේ ගසක් කඩා වැටීමෙන් 14 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා