දරුවන්ගේ ඔලු වනසව මොබයිල් ගේම් අවහිර වෙයි?

sinhala news srilanka news mobile games
By Gagana Dec 01, 2021 04:25 PM GMT
Gagana

Gagana

Report

ජංගම දුරකතනවල ළමයින්ගේ ඔලුව අවුල් වන ක්‍රීඩා(ගේම්) කිහිපයක් පවතින හෙයින් ඒවා විදුලි සන්දේශ නියාමන කොමිසම හා එක්ව අවහිර කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් තමා ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (1)පැවැසීය.

ඒවා අවහිර කිරීම ඉතාම වැදගත් බවද ඔහු සඳහන් කළේය. ජයමහ මහතා මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ජාතික පාසල් බෝඩ් ලෑල්ලට සීමා නොවිය යුතු බවත් එතනින් එහාට කිසි දෙයක් සිදු නොවන බවත් මන්ත්‍රීවරයා කීවේය.

ජාතික පාසල්වලට සම්පත් ලබා දිය යුතු බවද ඔහු පැවසුවේය.

ගුරු මාරු නවත්වා ඇතැයි පැවසූ ජයමහ මහතා ගුරු මාරුවීම් කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කළේය.

දරුවන් ඇතුළත් කර ගැනීමේදී ගුරුවරුන්ට ප්‍රමුඛත්වයක් හෝ කෝටාවක් ලබාදිය යුතු බවද හෙතෙම පැවසුවේය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

JOIN NOW