මෙන්න මේ ෆෝන් දැන්ම අයින් කරන්න". ලොවම කළඹන අනතුරු ඇඟවීමක්..

Xiaomi Mobile phone China phone
By Aruna Oct 11, 2021 09:44 AM GMT
Aruna

Aruna

Report

පාරිභෝගිකයින් දැනට භාවිත කරන චීන දුරකථන ඉවත දැමිය යුතු අතර අලුත් ඒවා මිලදී ගැනීමෙන් ද වලකින ලෙස ලිතුවේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශය එරට ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත 5G ජංගම දුරකථන පරීක්‍ෂා කොට එරට ජාතික සයිබර් ආරක්‍ෂක මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වර්තාවක් ඇත.

එකී වාර්ථාවට අනුව Xiaomi දුරකථනයක් නිමවා ඇත්තේ දුරකථන තුළ වාරණ මෙවලම් (censorship tools) අන්තර්ගත කරයි.

තවත් Huawei මාදිලියක ආරක්‍ෂිත දෝෂ තිබී ඇත.

මීට පිළිතුරු ලෙස Huawei සමාගම පවසා ඇත්තේ තම නිෂ්පාදනය මගින් කිසිදු පරිශීලක දත්තයක් බාහිරට නිකුත් නොවන බවයි.

එසේම තම නිෂ්පාදන තුළ වාරණ මෙවලම් (censorship tools) නොමැති බව Xiaomi පවසා ඇත.

"අපේ නිර්දේශය අලුතින් චීන දුරකථන මිලදී නොගැනීමත්, දැනටමත් මිලදී ගෙන ඇති ඒවා හැකි ඉක්මනින් ඉවත් කිරීමත් ය...."

ලිතුවේනියාවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති මාගිරිස් අබුකෙවිසියස් පවසා සිටියි..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now