කොවිඩ් මරණ ඕනෑම තැනක භූමිදානයට අවසර..! නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ.

funeral Covid19 dead body Health guildlunes
By Sewvandhi Mar 04, 2022 03:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ සිරුරු ශ්‍රී ලංකාවේ ඕනෑම සුසාන භූමියක භූමදාන කිරීමට අවසර ලබාදෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිත නව ආසාදිතයින් 583 දෙනෙකු අද (04) දිනයේ දී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 648,993ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනට වාර්තා වූ මරණ සංඛ්‍යාව ද 20ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව ද 16,307ක්.

මෙවන් තත්ත්වයක් මත රට පුරා කොවිඩ් මර්දන එන්නත්කරණය ක්‍රියාත්මක වන අතර, මේ වනවිට රටේ සියලුම පුරවැසියන්ට අදාළ එන්නත් මාත්‍රා අවශ්‍ය පරිදි සෞඛ්‍ය උපදෙස් මත ලබාදීමට කටයුතු කරමින් පවතිනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා වෛද්‍ය බලකා නිලධාරීන්ගේ ද සහාය ඇතුව වීම ද විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now