පැනගිය ගැහැණු ළමුන් පස් දෙනා ගැන අමුතුම කතාවක් එළියට..පොලිසිය විතරක් එද්දී ළමයින් ආවෙ නැත්තෙ ඇයි..?

Police Kandy Missing 5 girls United Human Rights Organization
By Aruna Dec 08, 2021 09:55 AM GMT
Aruna

Aruna

Report

වත්තේගම ,මීගම්මනවත්ත බළිකා ළමා නිවාසයක ගැහැණු ළමයින් 5 දෙනෙකු පාසැල් යන අතරේ තම නිවෙස් වලට ගොස් ඇති බව වාර්ථා වේ .

මීගම්මනවත්ත පාසැලක 11 වසරේ ඉගෙණුම ලබන මෙම ළමයින් 5 දෙනා එම ළමා නිවාසයෙ කරදර නිසා මෙසේ පැන ගොස් ඇති බව කියැවේ.

පුස්සැල්ලාව හා දිවුලගල ප්‍රදේශයේ ළමයින් දෙදෙනා ඔවුන්ගේ නිවෙස් වලට ගොස් ඇති අතර අනිත් තිදෙනාව තවමත් සොයන බව කියයි.

පස් දෙනාම නුවර ගිහින් ගෙවල්වල යන්න පිටත්වුණු බව දිවුලගල ප්‍රදේශයේ ළමයා කියයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් මානව හිමිකම් සංවිධානය විසින් ද පැමිණිලි කර තිබේ.

එම සංවිධානය දරන මතය පහතින් දැක්වේ.

එක්සත් මානව හිමිකම් සංවිධානය මේ සම්බන්ධව සොයා බැලූ තොරතුරුද සමග ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි කර මේ ළමයින් පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව අවශ්‍ය උපදේශන කටයුතු කරවන ලෙස ඉල්ලා සිටී.

පමිණිලි අංකය විස්තර CC/21/12/189 මේ ළමයින් නිවෙස් වලට පැන යන්නේ පුනරුත්ථාපන ළමා නිවාසයක සිටයි.

ළමයින් වෙනුවෙන් ධනාත්මක සේවයක් කිරීමට නිසි ක්‍රියාවලියක් ඇත්නම් / නිසි රාජකාරියෙහි යෙදුනා නම් ළමයින්ගේ ගැටළු අනතුරකට /ප්‍රශ්නයකට පෙර අනිවාර්‍යයෙන් දැන ගැනීමට අවස්ථාව ඇත.

එසේ දැන ගත්තානම් ළමයින් මෙසේ පලා යාමට පෙර අවශ්‍ය දැනුවත් කිරීම් / යම් ක්‍රියා මාර්ග ගත හැකිව තිබුණා නොවේද යන්න ගැටළුවකි ? පොලීසිය ළමයින්ට කරදරයක් , විපතක් වූ විට ලැබෙන පැමිණිළි පිළිබඳව සොයා බැලීම කරන නමුත් නිවසක්, නිවාසයක්, පාසැලක් හෝ අනෙකුත් ස්ථාන වල සිදුවන , සිදුවෙමින් පවතින අපයෝජන / ගැටළු පිළිබඳව කටයුතු කරන්නේ නැත .

එසේ කිරීමට අවශ්‍යද අවශ්‍යතාවය තිබුණත් හැකියාවක් ද නැත.

ඊට හේතුව වන්නේ මේ පොලීසියට ඇති රාජකාරි වලින් එකක් පමණක් වීමත් , මේ සදහාම අදාළ සෑම ක්‍රියාවකටම අවශ්‍ය නිළධාරින් රජය මගින් පත් කර අදාළ වැටුප් ගෙවා යොමු කරවා තිබීමයි

අවශ්‍ය වන්නේ යහපත් ධනාත්මක සිතුවිලිය , ආකල්පය. දෙමවිපියන්, සමාජ ක්‍රියාකරුවන්, සිවිල් සංවිධාන සියල්ලේ අවධානය තරමක් පුළුල් කර ළමයින් දෙස වඩාත් විමසිල්ලෙන් බැලිය යුතු කාළය පැමිණ ඇත.

පොලීසිය විතරක් ඇයි, ළමයින් සම්බන්ධව සේවයට වැටුප් ලබනා අනෙකුත් අය කොයි ?

-එක්සත් මානව හිමිකම් සංවිධානය-

එම දරුවන්ට යම් අපයෝජනයක්,අසාධාරණයක් හෝ අකටයුත්තක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකර යුක්තිය සාධාරණත්වය ඉටුවන තෙක් ගගන අපි අවධානයෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now