කවුද මේ තායිලන්ත රූ රැජිණ ඔපල් සුචතා?

Report

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුවාංස්රි නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය. 21 හැවිරිදි තරුණියක් වූ ඇය කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය කෙරෙහි ඇති විශ්වාසය, කරුණාව සහ කැපවීම හේතුවෙන් මෙවර තරගයේ කැපී පෙනුණාය.

2003 මාර්තු 20 වැනි දින තායිලන්තයේ උපත ලැබූ ඔපල් සුචාටා ප්‍රසිද්ධ නිරූපිකාවක් සහ බහු රූපලාවන්‍ය තරග ජයග්‍රාහිකාවකද වූවාය. තනෙට් ඩොන්කම්නර්ඩ් සහ සුපතා චුවාංස්රිගේ දියණිය වූ ඇය ෆුකෙට් හි ව්‍යාපාරික නැඹුරු පවුලකින් පැවත එන තරුණියකි.

අනතුරු ඇඟවීමක් කට්ටිය පරිස්සමෙන්....

අනතුරු ඇඟවීමක් කට්ටිය පරිස්සමෙන්....

2024 වසරේදී තායිලන්තේ රූ රැජින කිරුළ දිනාගනු ලැබූ ඇය 2024 විශ්ව රූ රැජින තරගාවලියේදී තෙවන ස්ථානයද දිනා ගනු ලැබුවාය. ඇය දැනට ජාත්‍යන්තර වැඩසටහනක කොටසක් වන තම්මාසාට් විශ්ව විද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටින තරුණියක් බවද වාර්තා වේ.

එමෙන්ම ඇය ත්‍රිභාෂාවක දක්ෂතාවයකින් යුක්ත තරුණියක්ද විය. තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඇය වසර අවුරුදු 16දී ඇගේ පියයුරුවල ඇති ගැටිත්තක් හඳුනා ගෙන ඇති අතර එය පිළිකා නොවන ගැටිත්තක් වූ බැවින් එය ඉවත් කිරීම සඳහා ඇය සත්කමකටද භාජනය වී තිබේ.

පසුව මෙම අත්දැකීම පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා ඇය සිය ආභාෂය ලබා ගෙන ඇති අතර ඒ අනුව ඇය පියරු පිළිකා ඇති කාන්තාවන්ට සහාය වන තායිලන්තයේ "ඔපල් ෆෝ හේර්" මුලපිරීමේ නිර්මාතෘවරියද වූවාය.

ඇගේ මෙම සෞඛ්‍ය අභියෝගය හැරවුම් ලක්ෂයක් කර ගනිමින් ලොව පුරා කාන්තා සෞඛ්‍යට ඇති ප්‍රමුඛතම තර්ජනය වන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා රූපලාවන්‍ය තරගාවලිවලට සහභාගී වූවාය.

ඇයගේ පළමු තරගය වී ඇත්තේ 2021 වසරේදී වන අතර 2022 වසරේදී ඇය මිස් යුනිවර්ස් තායිලන්ත තරගයේ ලාබාලතම තරගකාරියද වූවාය. එහිදී ඇය විශේෂ සම්මානයක් වන මිස් නැචුරල් බියුටි සමග එම තරගයේ තෙවැනි ස්ථානයද දිනා ගැනීමට සමත් විය.

ඒ පාරනම් කන්න බත් ටිකක්වත් නැතිවෙයි වගේ...

ඒ පාරනම් කන්න බත් ටිකක්වත් නැතිවෙයි වගේ...

ඇය මෙම ලෝක රූ රැජින තරගාවලියේදී ඇගේ අත්දැකීම සමගින් පියයුරු පිළිකා සහ පියයුරු පිළිකා වින්දිතයින් පිළිබඳව වැඩි දැනුවත්භාවයක් සහ ප්‍රමුඛත්වයක් ලබා දීම සඳහා පෙනී සිටි අතර මේ තුළින් ගෝලිය වශයෙන් මෙහි බලපෑම පුළුල් කිරීමද ඇගේ අරමුණ වූවාය.