MISS TOURISM 2026 තරගාවලිය ශ්‍රී ලංකාවේදී
MISS TOURISM 2026 තරගාවලිය ලබන ජූලි මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව එම තරගාවලියේ සංවිධායකයින් සදහන් කරනු ලබයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා මෙම තරගාවලිය තුළින් විශාල දායකත්වයක් ලැබෙන බවයි.
MISS TOURISM තරගාවලිය ලබන ජූලි 29 වන දින සිට අගෝස්තු 09 වනදා දක්වා කොළඹ දී පැවැත්වීමටයි සංවිධාන කර තිබේ.
MISS TOURISM කාණ්ඩයට අමතරව , මිස් ග්ලෝබල් ටුවරිසම්, මිස් බිස්නස් ටුවරිසම් යන කාණ්ඩ යටතේ ද තරග පවත්වනු ලබයි.
මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට තරගාවලි නිර්මාතෘ රාධිකා ගුණවර්ධන මිස්වර්ල් ටුවරිසම් සභාපති ආචාර්ය මොහාන් පෙරේරා ඇතුළු පිරිසක් එක්ව තිබේ.
ඒ වගේම තව දුරටත් ඔවුන් මෙහිදී සදහන් කළේ විදේශ රටවල සිට තරගකාරියන් මෙම තරගයට එක්වීම හේතුවෙන් ඔවුන් හරහා සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳව ලොව දැනුවත් කළ හැකි බවයි .