මිරිස්ස මංසන්ධියේ වෙඩි තැබීමක් - පුද්ගලයෙක් රෝහලේ
මිරිස්ස මංසන්ධියේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබා මාතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 34 හැවිරිදි ධීවර යාත්‍රා පාලකයෙකු (ස්කිපර්වරයෙකු) බවයි.