ජනපති නිවස වටලද්දී හදිසියේම සන්නිවේදනය බිඳවැටේ..තත්ත්වය මැඩලන්න ආරක්ෂක අංශ ප්‍රබල මෙහෙයුමක..නවතම දර්ශන මෙන්න(VIDEO)

Police Sri Lanka Mirihana Gotabaya Rajapakshe
By Aruna Mar 31, 2022 04:50 PM GMT
Aruna

Aruna

Report

අද (31) සවස් වන විට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක අන්තර්ජාල සේවා අක්‍රිය වී ඇති බව වාර්තා වනවා.

මේ අතර මිරිහාන, පෙන්ගිරිවත්ත පාරේ පිහිටි ජනාධිපති මන්දිරය අසල විරෝධතාවය මේවන විටත් ඉතා උණුසුම් ලෙස පැවැත්වෙමින් පවතිනවා.

මෙම විරෝධතාවය පවත්වන අතරේ හදිසියේම විදුලිය සහ සංනිවේදන කටයුතු බිඳවැටී ඇති බවටයි අප වාර්තාකරුවන් පැවසුවේ.

තත්ත්වය මැඩපැවැත්වීමට මේවන විටත පොලිසිය,කැරලිමර්ධන කණ්ඩායම් සහ යුධ හමුදාව එම පරිශ්‍රවල සිටිනු දක්නට ලැබුණු අතර, විදුලි අර්බුදයට අමතරව ඉහළ යන ජීවන වියදම, ගෑස් හිඟය සහ ඉන්ධන හිඟයට එරෙහිව ජනතාව මෙම විරෝධතාව පවත්වමින් පවතී.

බොහෝ පිරිසක් බෝඩ් ලෑලි අතැතිව විරෝධතාවයට සහභාගි වන අයුරු දැකගන්නට ලැබෙනවා.

විරෝධතාවය හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, පොලීසිය ඊට බාධා එල්ල කර තිබෙන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

එම ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ජනතාව එම ස්ථානයේදී සමච්චල් කරමින් සිටිනු දක්නට ලැබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now