ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල ඇප් එකට සමාන ව්‍යාජ මෘදුකාංගයක් නිර්මාණය කර, ගුවන් ටිකට්පත් සඳහා සියයට 50ක ප්‍රතිලාභ ලබාදෙන බවට ප්‍රචාරය කරමින් සිදුකරගෙන ගිය මහා පරිමාණ මුදල් වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දක්වා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අධිකරණයට සඳහන් කළේ, ගුවන් සමාගමේ නිල මොණර ලාංඡනය භාවිත කරමින් සකස් කළ මෙම මෘදුකාංගයෙහි ලියාපදිංචි වීම සඳහා රුපියල් 250ක මුදලක් ලබාගෙන ඇති බවයි.

ප්‍රදේශ රැසකට අනතුරු ඇගවීමක් - මේ පළාත් වලට විශේෂයි

ප්‍රදේශ රැසකට අනතුරු ඇගවීමක් - මේ පළාත් වලට විශේෂයි

පාරිභෝගිකයා අදාළ ඇප් එක හරහා තොරතුරු ඇතුළත් කළ පසු, වංචාකරුවන් විසින් ඔවුන්ගේ පෞද්ගලික දත්ත සහ බැංකු ගිණුම් තොරතුරු සොරකම් කර මෙම ජාවාරම සිදුකර ඇත.

මෙම වංචාවට ලක්වන පාරිභෝගිකයින් සිය රහස් දත්ත සොරාගෙන ඇති බව නොදන්නා අතර, ඔවුන් දන්නේ තම ජංගම දුරකථනය අධික ලෙස රත් වී බැටරි ආයු කාලය වේගයෙන් අඩුවන බව පමණක් බව ද CIDය අධිකරණයට පෙන්වා දුන්නේය.

තත්ත්වය භයානකයි - ජනතාව අවධානයෙන් ඉන්න - වාන් දොරටු හතරක් විවෘතයි

තත්ත්වය භයානකයි - ජනතාව අවධානයෙන් ඉන්න - වාන් දොරටු හතරක් විවෘතයි

මෙම වංචනික මෘදුකාංගය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවන් අනාවරණය කරගැනීමට විමර්ශන ක්‍රියාත්මක වන අතර, ජාවාරමට සිය බැංකු ගිණුම් මුදලට ලබාදුන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබේ.