ජර්මනියෙ ෆ්‍රෑන්ක්ෆර්ට්,සයිප්‍රස් සහ නයිජීරියාවේ මෙරට තනානාපති සහ කොන්සියුලර් කාර්‍යාල වසා දැමීමේ තීරණයක්.
ජර්මනියෙ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ කොන්සියුලර් ජනරාල් කාර්‍යාලය සහ සයිප්‍රස් රාජ්‍යයේ කොන්සියුලර් ජනරාල් කාර්‍යාලය වසා දැමීමට විදේශ අමාත්‍යාංශයේ සූදානමක් ඇති බව වාර්තාව වනවා.
ඒ සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීයෙකුගෙන් සිදු කළ විමසීමක දී ඔහු එම තොරතුර තහවුරු කළා.
මීට අමතර ව නයිජීරියාවේ තානාපති කාර්යාලය ද වසා දැමීමට තීරණය කර ඇති බවයි ඔහු පැවසුවේ.
අදාල යුරෝපා කොන්සියුලර් ජනරාල් කාර්යාල දෙක වසා දැමීමට තීරණය කර ඇත්තේ, එම කාර්යාලවලට වැය වන වියදම අඩු කර ගැනීමේ උවමනාවෙන් බවයි ඔහු පවසා සිටියේ.
එමෙන්ම නයිජිරියාවේ තානාපති කාර්යාලය වසා දැමීමට හේතුව ලෙස අදාළ නිලධාරියා සඳහන් කළේ මේ වන විට නයිජීරියාවේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකික නිල්ධාරීන් එහි අනුයුක්ත කිරීමේ ඇති අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.
මේ අතර 2021 අයවැය ලේඛනයේ සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාල සහ කොන්සියුල ජනරාල් කාර්යාල නඩත්තු කිරීමේ සහ වැටුප් ගෙවීමේ වියදම් රුපියල් බිලියන 11ක් ඉක්මවා යන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |