විදේශ කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි..

Sri Lanka Postal service G. L pearis Foreign ministry
By Aruna Oct 29, 2021 07:31 AM GMT
Aruna

Aruna

Report

විදේශ අමාත්‍යාංශයේ, කොන්සියුලර් කටයුතු අංශය සිය සේවාවන් ලබා ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ හමුවීම් ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

http://consular.mfa.gov.lk/ONLINEBOOKING සබැඳිය හරහා මාර්ගගත හමුවීම් ලබා ගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය පැවසුවේ.

මෙමගින් අයදුම්කරුවන්ට දිගු පෝලිම්වල නොසිට සේවා ලබා ගැනීමට කාල සීමාවක් වෙන්කර ගැනීමට පහසුකම් සැලසෙන බව අමාත්‍යාංශය පවසනවා.

වැඩ කරන දිනවලදී පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා තහවුරු කිරීමේ කටයුතු සඳහා කොන්සියුලර් කටයුතු අංශයට පැමිණෙන ලෙස විදේශ අමාත්‍යාංශය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වර්තමානයේ විවිධ සහතික/ලේඛන සත්‍යාපනය කර ගැනීම සඳහා සේවා අපේක්‍ෂකයින් විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බැවින් මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

පෝලිම්වල දිගු වේලාවක් රැඳී සිටීම වැළැක්වීම සහ කොට්ඨාසයේ මහජනතාවගේ රැස්වීම පහසු කිරීම සඳහා, සේවා අපේක්ෂකයින් අන්තර්ජාලය හරහා හමුවීම් ලබා ගැනීමට මෙලෙස උනන්දු කර තිබෙනවා.

කොන්සියුලර් සේවාවන් ලබා ගැනීම සඳහා මාතර, යාපනය, මහනුවර, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස අමාත්‍යාංශය සේවා අපේක්ෂකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

එම ප්‍රාදේශීය කාර්යාලවල සම්බන්ධතා තොරතුරු පහත දැක්වේ;

මාතර – අනගාරික ධර්මපාල මාවත, පඹුරණ, මාතර, දුරකථන. 041 2226697 විද්‍යුත් තැපෑල:matara.consular@mfa.gov.lk

යාපනය – යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දුරකථන. 021 2215972 විද්‍යුත් තැපෑල: jaffna.consular@mfa.gov.lk

මහනුවර – මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, ගැටබේ, දුරකථන. 081 2384410 විද්‍යුත් තැපෑල: kandy.consular@mfa.gov.lk

කුරුණෑගල – ළමා හා පරිවාස සේවා දෙපාර්තමේන්තුව, දඹුල්ල පාර, දුරකථන. 037 2225931 විද්‍යුත් තැපෑල: kurunegala.consular@mfa.gov.lk

ත්‍රිකුණාමලය – ප්‍රධාන ලේකම් කාර්යාලය, දුරකථන 026 2223186 විද්‍යුත් තැපෑල: trincomalee.consular@mfa.gov.lk

විවිධ කොන්සියුලර් සේවා සඳහා වැඩිදුර විස්තර සඳහා සම්බන්ධ කර ගත හැකි බව කොන්සියුලර් කටයුතු අංශය වැඩිදුරටත් පැවසීය.

සහතික/ලේඛන සහතික කිරීම සඳහා සත්‍යාපන අංශය: දුරකථන. 2338812/7711194 විද්‍යුත් තැපෑල: authentication.consular@mfa.gov.lk

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මරණ: 2338836/3136715

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මරණ සම්බන්ධයෙන් වන්දි: 2437635/7101193 අතරමං වූ ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම: 2338837

එතෙර ශ්‍රී ලංකා කටයුතු: 2338847 විවිධ: 2338843 වෙනත් අංශය: 2335942


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

Gallery