තනතුරු පත් කිරිමක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්.
Ministry of Education
Sri Lanka
By krishani
අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක් ලබා දුන්නේ ය.
ඒ පාර්ශවකරුවන් විසින් ඇති කරගෙන තිබෙන එකගතාවය අනුව විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ තනතුරු සඳහා වන පත්කිරීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි.
අදාල තනතුරු 4718ක් සඳහා වන පත්කිරීම් වලට අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති කරගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම පත්කිරීම් සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.
