අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරුසේවා සංගමයෙන් චෝදනාවක්..

Ministry of Education Sri Lanka Ceylon Teachers Service Union Education
By krishani May 14, 2023 04:32 AM GMT
krishani

krishani

Report

පාසල් ආශ්‍රිතව ඩෙංගු මදුරු ව්‍යාප්තිය උග්‍රවීම සම්බන්ධයෙන් වන වගකීම අධ්‍යාපන අමාත්‍යංශය බාරගත යුතු බව ලංකා ස්වාධීන ගුරුසේවා සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න පවසන්නේ, දිවයිනේ පාසල් රැසක අදාළ කම්කරු සේවකයින් නොමැති වීම හේතුවෙන් පාසල් ආශ්‍රිත පවිත්‍රතා කටයුතු සහ සනීපාරක්ෂක කටයුතු සිදු නොවන බවයි.

එම හේතුවෙන් පාසල් ආශ්‍රිතව අපද්‍රව්‍ය එක්රැස් වීම හේතුවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අවධානය යොමුකළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

මේ අතර, පාසල් ආශ්‍රිත ඩෙංගු මරුදු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පාසල් මට්ටමෙන් අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join