ඇමැති බංගලා රජයට

Colombo Government Of Sri Lanka Sinhala news
By Mithu May 13, 2025 03:49 PM GMT
Mithu

Mithu

Report

 කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.

දෙයියනේ.. ගුවන් තොටුපළ අසළ තවත් අනතුරක්

දෙයියනේ.. ගුවන් තොටුපළ අසළ තවත් අනතුරක්

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමති බංගලා එවැනි ආයතනවලට ලබාදීමෙන් පෞද්ගලික ගොඩනැගිලිවලට කුලී වශයෙන් ගෙවූ ලොකු මුදලක් රජයට ඉතිරි කරගත හැකි බවයි. පෞද්ගලික ගොඩනැගිලිවලට කුලී ගෙවන ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක් කොළඹ පවතින බව වාර්තාවේ.

මේ අතර ඇමැති බංගලා කුලියට ගැනීම සඳහා දෙස් විදෙස් ආයතන පනහකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු සලකා බලාගෙන යන බවද අමාත්‍යවරයා පැවසුවේය.

ඇමතිවරුන්ට වෙන් කෙරුණු බංගලා පනහක් පමණ කොළඹ පවතින්නේය. ඇමැති බංගලා පාවිච්චි නොකිරීමට ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.

රනිල් කොළඹ මහ නගර සභාවේ බලය අල්ලයි හොර ගේම් එළියට

රනිල් කොළඹ මහ නගර සභාවේ බලය අල්ලයි හොර ගේම් එළියට

ReeCha