රතු නිවේදන ලැබූ අපරාධකරුවන් 43ක් සැඟවී සිටින රටවල් හෙළිවෙයි - ඇමති ආනන්ද විජේපාලගෙන් හෙලිදරවිවක්
ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් 43 දෙනෙකු මේ වන විට රැඳී සිටින රටවල් හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම පිරිසෙන් 17 දෙනෙකු ඩුබායිහිද, 14 දෙනෙකු ඉන්දියාවේද සහ තිදෙනෙකු ජපානයේද රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඉතිරි පුද්ගලයින් රටවල් නවයක රැඳී සිටින බවටද අනාවරණය වී තිබේ. මෙම සියලු දෙනා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
''හොරකම් කරලා නාස්ති කරලා... අධිවේගී මාර්ග මම හිතන්නේ 10ක් විතර හදන්න තිබිච්ච ඒවා'' - බිමල් රත්නායකගෙන් ප්‍රකාශයක්
මේ අතර, පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 818 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු අනාවරණය කළේය.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන 233ක් සහ නිල් නිවේදන 92ක් නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, විදේශ රටවල සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 72 දෙනෙකු මේ වන විට මෙරටට රැගෙනවිත් ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන සිදුකරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.