කැසිනෝ බදු සහනය ගැන කළ ඇමති කළ හෙළිදරව්ව.
කැසිනෝ බදු ගැන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
එහිදී ඔහු පවසන්නේ, කැසිනෝ ශාලා හිමියන් සඳහා බදු සහන ලබාදී ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.
ඒ, අනුව සුරා සහ සුදු සමාගම් අධෛර්යමත් වන මට්ටමේ ඉහළ බදු පැනවීමක් මේ වන විට රජය විසින් සිදුකර ඇති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
ඔහු මෙම කරනු අවධාරණය කළේ, රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
"සුරා සූදු මේ හැමදේටම ඉහළම බද්ද ගහලා ඉවර වෙලා තමා, අපි මේ සාමාන්‍ය බදු ගෙවන ජනතාව එක්ක බදු ගෙවීම ගැන කතා කරන්නේ. කැසිනෝ ක්‍රීඩාව කිසිදු නියාමනයක් නැතුව දිව්වේ. මේ අවුරුද්දේ ඉඳලා තමා නියාමනය කරන්නේ. හොඳම උදාහරණය තමා ලියාපදිංචිය සඳහා මුලින්ම කෝටි 50ක් ගන්නවා. අවුරුදු 5ක ලියාපදිංචි ගාස්තු විදියට. ඒක ප්‍රථම වතාවට තමා අපි ආරම්භ කළේ. කෝටි 50ක් නැතුව ගේන්න දෙන්නේ නෑ. වාර්ෂික බද්ද මෙච්චර කල් තිබුණේ කෝටි 20ක්. ඒකත් කෝටි 50ක් කරා. එපමණක් නෙමෙයි. එදිනෙදා එකතුවෙන මුදලින් 10%ක් රජයට ගෙවිය යුතුයි. වර්ෂ අවසානයේ ඔවුන්ගේ ලාභයෙන් 40%ක් ගන්නවා. මේ ක්‍රිඩාවෙන් දිනන කෙනෙක් ඉන්නවා නම් ඔහුගෙනුත් අපි 15%ක් ගන්නවා. ඉතාම පැහැදිලිවම කැසිනෝ ශාලාහිමියෙකුගේ ආදායමෙන් 70%කට වැඩි මුදලක් අපි සතු කරගන්නවා."
