වරාය නගරයේ ඇමති ප්‍රසන්න එක්ක සෙල්ලම් දැමූ ඇමති නාමල් මෙරට ප්‍රථම වැලිකඳු ධාවන පථය විවෘත කරයි (VIDEO / PHOTOS)

Namal Rajapaksha Prasanna Ranathunga prt city ATV
By Sewvandhi Oct 28, 2021 10:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත කර තිබෙනවා. ඒ කොළඹ වරාය නගරයේයි. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද (28) විවෘත කළේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහ්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 03කින් සමන්විත කලම්බු ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක පැතිර තිබෙනවා.

එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරු මෙම ATV වාහන මෙම වැලි කඳු සහිත මාර්ගය ඔස්සේ ධාවනය සිදුකළා.

මෙරට මුල්ම ATV ධාවන පථය පිහිටා ඇත්තේ ගම්පහ බුත්පිටිය මාළිගාතැන්න ප්‍රදේශයේයි. එය කළුගල් කඳු අතර සැකසුන ධාවන පථයක් වනවා.

අද කොළඹ වරාය නගරයේ විවෘත කෙරුණු වැලි කඳු මත ධාවනය කෙරෙන ATV ධාවන පථය මෙරට බිහිවුනු වැලි කඳු මත ධාවනය කෙරෙන ප්‍රථම ධාවන පථයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join Now

 

GalleryGalleryGalleryGalleryGallery