රංවල වංචාවක් කළා නම් විනය පියවරක් ගන්නවා - ඇමති නලින්ද

Report

හිටපු කථානායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ උපාධි සහතිකය ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පක්ෂය තවදුරටත් විශේෂ අවධානයක් යොමු කරන බවත්, ඒ පිළිබඳව තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඊයේ (15) පැවති රූපවාහිනී සංවාද වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම, පසුගිය වසරේ දෙසැම්බර් 19 වැනිදා කැබිනට් මාධ්‍ය හමුවේදී තමා කළ ප්‍රකාශය සිහිපත් කරමින් නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, එකල තමා එම ප්‍රකාශය කළේ අශෝක රන්වල මහතා පක්ෂයට දන්වා සිටි දෑ අනුව බවයි.

රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීන් ධුරයෙනුත් ඉල්ලා අස්වෙයිද?

රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීන් ධුරයෙනුත් ඉල්ලා අස්වෙයිද?

ඒ අනුව, උපාධි සහතිකය ඉදිරිපත් කරන බවට කළ ප්‍රකාශයටද අවුරුද්දක් ගත වී ඇති අතර, තවමත් එය ඉදිරිපත් කර නැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

“ඔහු ඒ මොහොතේ අපේ පක්ෂයට කියපු දේ අනුව තමයි මම ඒ ප්‍රකාශය කළේ. දැන් ඒකට අවුරුද්දක් ගතවෙලා තියෙනවා. ඒක ඔහු තාම ඉදිරිපත් කරලා නැහැ.”

රන්වල මහතාට උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා කථානායක ධුරයෙන් ඉවත් වූ බවත්, ඉක්මනින් එය ලබාදෙන බවට එවකට ප්‍රකාශ කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

"අද මම කියපු දේ මතක තියාගන්න" - අප්‍රේල් වන විට රටට බරපතල ආර්ථික අර්බුදයක් - හරීන්

"අද මම කියපු දේ මතක තියාගන්න" - අප්‍රේල් වන විට රටට බරපතල ආර්ථික අර්බුදයක් - හරීන්

ඡන්දය දුන් නොදුන්, ආණ්ඩුවට විශ්වාසය තැබූ නොතැබූ සියලුදෙනාගේම අවධානය යොමු වී ඇති මෙම කරුණ සම්බන්ධයෙන් ජනතාවගේ මතයට සැලකිලිමත් වන බවද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

අශෝක රන්වල මහතා වංචනික ලෙස කටයුතු කර ඇත්නම් විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, එවැනි තත්ත්වයකදී නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

ලිංගිකත්වය වෙනස් කරන්න රජයේ රෝහල්වල ශල්‍යකර්ම කතාවේ ඇත්ත නැත්ත

ලිංගිකත්වය වෙනස් කරන්න රජයේ රෝහල්වල ශල්‍යකර්ම කතාවේ ඇත්ත නැත්ත