ICC තහනමක් ගැන විදුලි බල ඇමති 225ට අනතුරු අඟවයි. (VIDEO)
Sri Lanka Parliament
Cricket
Sri Lanka Cricket
Sri Lanka
Kanchana Wijesekera
By Hashini
ක්‍රිකට් ගැන සොයන්න පත්කළ කැබිනට් අනුකමිටුවේ වගකීම කණ්ඩායම තේරීම හෝ පරිපාලනය තේරීම නොවන බව එම කමිටු සාමාජික අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයට එක්වෙමිනි.
පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන ඒම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ICCයෙන් තහනමක් පැනවූවොත් එහි වගකීම 225 දෙනා භාරගත යුතු බවද විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
