මෙරට මන්ත්‍රීවරයෙකු LTTE සැකකරුවන් දෙදෙනකු සමඟ සිදු කළ දේ
අනුරාධපුර බන්ධනාගාර සිද්ධියට මුහුණදුන් එල්.ටී.ටී.ඊ රැඳවියන්ගෙන් බලපෑමකින් තොරව සාක්ෂි ලබාගැනීමට නම් ඔවුන් වෙනත් ස්ථානයකට මාරුකර යැවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.
මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළේ, අද (25) අනුරාධපුර බන්ධනාගාරය වෙත ගොස් අදාළ එල්.ටී.ටී.ඊ සැකකරුවන් හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියන්ට තර්ජනය කළ බවට වූ සිද්ධියක් පසුගිය 12 වනදා වාර්තා වුණි.
අදාළ සිද්ධියට මුහුණ දුන් එල්.ටී.ටී.ඊ සැකකරුවන් මුණගැසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඇතුළු පිරිසක් අද අනුරාධපුර බන්ධනාගාරය වෙත පැමිණියේය. උදෑසන 9ට පැමිණි මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බන්ධනාගාරයෙන් ඉවතට පැමිණියේ පැය 2කට පමණ පසුවය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ යටතේ රඳවා සිටින සියලු සැකකරුවන් නිදහස් කළ යුතු බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය. මේ අතර දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡාකිරීමට සූදානම් බවට ජනාධිපතිවරයා ජිනීවාවලදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙහිදී මන්ත්‍රීවරයා අදහස් පළ කළේය.
"ජනාධිපතිවරයා කාත් එක්ක සාකච්ඡා කළත් අපි විරුද්ධ නෑ. නමුත් දෙමළ ජනතාවගෙන් තේරී පත්වෙච්ච නියෝජිතයන් අපි. දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න ඕනේ නම් අපිත් එක්ක සාකච්ඡා කරලා තමයි ඒකට විසඳුමක් ගන්න පුළුවන්."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |