පපර බෑන්ඩ් ගසමින් මන්ත්‍රීවරයෙක් සභාවට ආ හැටි - වීඩියෝ සහිතයි ( VIDEO)
By Sithumi
එක්සත් ජාතික පක්ෂයෙන් වැලිමඩ ප්‍රාදේශීය සභාවට පත් කළ එස්.ආර් විජේරත්න මහතා අද (24) වෙනස් අයුරකින් ප්‍රාදේශීය සභාවට සහභාගී වුණි. පසුගිය දා අභාවප්‍රාප්ත වූ සමගි ජන බලවේගයේ ප්‍රාස මන්ත්‍රී එස්.එම්.එම්. නසාර් මහතා වෙනුවට විජේරත්න මහතා සභාවට පත් කර තිබේ.
ඒඅනුව එජාප නව මන්ත්‍රීවරයා වැලිමඩ නගරයේ සිට පපර බෑන්ඩ් වාදනය කරමින් සභාවට පැමිණි බව අප වාර්තාකරු පැවසීය. අද දින 2022 වර්ෂයේ පළමු ප්‍රාදේශීය සභා සැසිවාරය පැවති අතර මෙහිදී නවක මන්ත්‍රීවරයා ඔහුට ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසනයක් අවශ්‍ය බව කියා සිටියේය.
සභාපතිවරයා සඳහන් කර සිටියේ, ආසනයක් ලබාදීමට අද දිනයේ නොහැකි බවත් ඉදිරියේ දී ඒ පිළිබඳ ඇති හැකියාව සොයා බලන බවත්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |