මිල්ටන්ගේ අමරණීය ගී ලොව සිනමාවට - “එදා රෑ” ගීත 26ක් සමඟ එළිදකී [VIDEO]

Report

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය නාමයක් වූ මිල්ටන් මල්ලවආරච්චිගේ සංගීත දිවිය හා ඔහුගේ ගීත මතකයන් ඇසුරින් නිර්මාණය වූ නවතම සංගීතමය සිනමා නිර්මාණය වන “එදා රෑ” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීම පසුගියදා පැවැත්විණි.

සුවහසක් පෙම්වතුන්ගේ හදවත් එකිනෙක යා කළ මෙන්ම විරහවෙන් බිඳුණු සිත් කඳුළින් තෙත් කළ මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත අදටත් රසික හදවත් තුළ නොමැකෙන මතකයන් බවට පත්ව තිබේ. එම අසහාය ගී ලොව සහ කලාකරුවාගේ ජීවන ගමන සිනමාත්මකව ප්‍රතිනිර්මාණය කරමින් “එදා රෑ” නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

මෙම සංගීතමය සිනමා කෘතිය සඳහා මිල්ටන් මල්ලවආරච්චි විසින් එදා ගායනා කළ අතිශය ජනප්‍රිය ගීත 26ක් ඇතුළත් කර තිබෙනවා. “එදා රෑ” සඳහා රොෂාන් රවීන්ද්‍ර, නෙත්මි රොෂෙල්, සෙනාලි ෆොන්සේකා, ශේෂාද්‍රි ප්‍රියසාද්, රොෂාන් රණවන, නිහාරි පෙරේරා, සාරංග දිසාසේකර, ජනිත් වික්‍රමගේ, විශ්ව කොඩිකාර, දිනෙත් ද සිල්වා, කළන ගුණසේකර, හිරාන් යට්ටෝවිට, ෆර්නි රෝෂණි, හිමාලි සයුරංගි, සප්නා පාදුක්ක, පියුමාලි එදිරිසිංහ සහ හේෂරාවී වරංගනා ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගන දායකත්වය ලබාදී ඇත.

''මම භාවනා කරමින් සීතා මෑණියන්ට යාච්ඤා කළා'' - සීතා මෑණියන්ගේ චරිතය රඟපෑම ආශීර්වාදයක් බව සායි පල්ලවි කියයි

''මම භාවනා කරමින් සීතා මෑණියන්ට යාච්ඤා කළා'' - සීතා මෑණියන්ගේ චරිතය රඟපෑම ආශීර්වාදයක් බව සායි පල්ලවි කියයි

යුගයේ සුවිශේෂී නිර්මාණකරුවෙකු වන අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන “එදා රෑ” හි තිර රචනය සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ එක්ව සිදුකර තිබේ.

චමක මංජුල නිෂ්පාදනය කරන මෙම සිනමා නිර්මාණය සඳහා ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, රනිල් මල්ලවආරච්චි සහ නිරාශා මල්ලවආරච්චි සම නිෂ්පාදනයෙන් දායක වී තිබෙනවා.

කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය විසින් සිදුකර ඇති අතර, සංස්කරණය සහ වර්ණ සංකලනය ශාන් අල්විස්ගෙනි. සහය අධ්‍යක්ෂණයෙන් තරිඳු ආරච්චිගේ දායක වන අතර, පසුබිම් සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්ද විසින් සිදුකර තිබේ.

ගීත ගායනය සඳහා රනිල් මල්ලවආරච්චි, පවන් මල්ලවආරච්චි, තාරක මල්ලවආරච්චි, උරේෂා රවිහාරි සහ සමිතා මුදුන්කොටුව එක්ව සිටිති. ධම්මික සල්වතුරගේ කතාවක් ඇසුරින් නිර්මාණය වන “එදා රෑ”, වන් ලයින් ප්‍රඩක්ෂන් සහ එන්ටර්ටේන්මන්ට් ආයතනයේ සාඩම්බර ඉදිරිපත් කිරීමකි.

මිල්ටන් මල්ලවආරච්චිගේ අමරණීය ගීත රැසක් සමඟ ඔහුගේ කලා ජීවිතයේ මතකයන් සිනමා තිරය මත යළිත් ජීවමාන කිරීමට සූදානම් වන “එදා රෑ”, මිල්ටන්ගේ ගීතවලට ආදරය කළ රසිකයන්ට සුවිශේෂී සිනමා අත්දැකීමක් වනු ඇත.

සීතා සහ කෛකේයීගේ ඇඳුම් ගැන මතුවූ කතාබහට - ‘රාමායණ’ නිර්මාණකරුවන්ගෙන් ප්‍රතිචාර

සීතා සහ කෛකේයීගේ ඇඳුම් ගැන මතුවූ කතාබහට - ‘රාමායණ’ නිර්මාණකරුවන්ගෙන් ප්‍රතිචාර

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න