මාරයෙක් වුණු මිතුරන් - මරලා හංගලා ගිහින්
මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ 37 හැවිරිදි ශ්‍රිජිත් ජයශන් ඝාතනය කර ඔහුගේ සිරුර වාහන සේදුම් මධ්‍යස්ථානයක ජලය බැහැර කරන වළක සැඟවූ බව වෙන්නප්පුව පොලිසිය කියයි.
ජයශන් මහතා 30 වැනිදා රාත්‍රියේදී නිකමට ගිය අතර, ඔහු අතුරුදන් වූයේ මිතුරන් සමඟ පැවති මත්පැන් සාදයක් අතරතුර ඇති වූ ආරවුලක් පසුවය.
පසුව ඔහු පිහියෙන් පහර දී ඝාතනය කර මල දේහය වළක සඟවා තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පිරිස අතර ප්‍රධාන සැකකරුවන් වන දෙදෙනාම ඔහුගේ මිතුරන් වන අතර, එක් අයකු පාසල් සිසුවෙකු බවද අනාවරණය වී ඇත.