මත්ද්‍රව්‍යත් එක්ක අම්මයි දුවයි මාට්ටු
By Mithu
මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු සමඟ මවක සහ දියණියක අත්අඩංගුවට ගැනීමට මිල්ලනිය පොලීසිය සමත් වී තිබේ.
25 හැවිරිදි දියණිය යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සිදුකළ පරීක්ෂාවකදී ඇය සන්තකයේ තිබී මත්කුඩු පැකට් 15ක් සහ රුපියල් 51,570ක මුදලක් සොයාගෙන ඇති අතර, ඇයගෙන් ලද තොරතුරු මත නිවස පරීක්ෂා කිරීමේදී පලා යාමට තැත්කළ 45 හැවිරිදි මව සන්තකයේ තිබී තවත් හෙරොයින් මිලිග්‍රෑම් 2,220ක් සොයාගෙන ඇත.
මොවුන්ගේ පවුලේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු ද මත්ද්‍රව්‍ය චෝදනා මත දැනටමත් බන්ධනාගාර ගතව සිටින බව අනාවරණය වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාරියන් ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.