"අදින් පසු කිරි තේ අලෙවි කරන්නේ නැහැ..? " - ආපනශාලා හිමියන්ගේ සංගමය

By Sithumi Dec 30, 2021 09:44 AM GMT
Sithumi

Sithumi

Report

කිරි පිටි මිල යළිත් ඉහළ දැමීම හේතුවෙන් කිරි තේ අලෙවිය අද(30) සිට අත්හිටුවීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. 

 ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ යළිත් කිරි තේ කෝප්පයක මිල ඉහළ දැමුවහොත් රුපියල් 80 ඉක්මවන බැවින් කිරි තේ අලෙවියෙන් ඉවත් වීමට තීරණය කළ බවයි කිරි පිටි මිල ඉහළ දමා ඇති අවස්ථාවක නැවත වරක් කිරි තේ කෝප්පයක මිල වැඩිකළහොත් එය පාරිභෝගිකයින්ට දරා ගැනිමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි කිලෝවක පැකට්ටුව රුපියල් 150 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 60 කින්ද වැඩිකිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 540 ක් වන අතර කිලෝ ග්‍රෑම් 01 ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1345 දක්වා ඉහළ යනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now