කිරිපිටි මිල ඉහලට.? හිඟය අවසන් වන දිනය මෙන්න...

By Sewvandhi Dec 25, 2021 07:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රට තුළ පවතින කිරිපිටි හිඟය ලබන පෙබරවාරි මස පමණ වන විට සාමාන්‍ය තත්ත්වයකට පත්වනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර කියා සිටියේ ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී කිරිපිටි මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි. වෙළඳපොලේ පවතින කිරිපිටි හිඟය හමුවේ ඇතැම් ප්‍රදේශ වල කිරිපිටි ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරන බවට ද තොරතුරු වාර්තා වනවා.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර කියා සිටියේ පවතින ඩොලර් අර්බුදය හමුවේ බංකු තුළ ණයවර ලිපි විවෘත කර ගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් ආනයනික කිරිපිටි ඇණවුම් අඩුවීම, මෙම කිරිපිටි හිඟයට හේතු වී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now