කිරිපිටි ආනයනය නතර කෙරේ - කිරිපිටි මිල යළිත් ඉහලට..?
කිරිපිටි ආනයනය කිරීම සඳහා බාධාවක්ව පවතින ඩොලර් හිඟයක සහනයක් ඉල්ලා අද දිනයේ දී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරන බව කිරිපිටි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ,ඩොලර් හිඟයට විසඳුම් ලබා නොදුන්නහොත් ආනයනික කිරිපිටි හිඟය තවදුරටත් පවතිනු ඇති බවයි.
ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි ඇනවුම් වලින් ආනයනය කළ හැකි වන්නේ 50% ක පමණ ප්‍රතිශතයක් බව ද කිරිපිටි ආනයනකරුවන් පෙන්වා දෙනවා.
එසේම ආනයනික කිරිපිටි වල මිලෙහි යළි සංශෝධනයක් සිදු විය යුතු බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයා සඳහන් කළේ.
කෙසේ වෙතත් රට තුළ මතුව ඇති ඩොලර් ගැටලූවත් සමග ආනයනය තවදුරටත් සීමා කිරීමට සිදුවනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්ධන ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ. ආනයනික කිරිපිටි මෙන්ම වෙළඳ පොලේ මේ වන විට දේශීය කිරිපිටි වල ද හිඟයක් හටගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |