කිරිපිටි ප්‍රශ්නය දුර දිග යයි..ජනපති ගෙන් පොලිසියට හදිසි නියෝගයක්.

Police Sri Lanka Milk powder gotabaya rajapakshe Deshabandu thennakoon
By Aruna Dec 31, 2021 12:12 AM GMT
Aruna

Aruna

Report

මිරිහාන - ජුබිලි කණුවේ පිහිටි කිරිපිටි වෙළෙඳසැලකට පොලීසිය කඩා පැන එය සීල් තබා ඇති බවත්, පොලීසියට ඒ සඳහා කිසිදු බලයක් නොමැති බවත් " යන ආකාරයේ තොරතුරු සඳහන් කරමින්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පොලීසිය අපකීර්තියට පත් කිරීම සඳහා අසත්‍ය ප්‍රචාරය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම චෝදනාව පදනම් විරහිත තුරතුරක් වන අතර, මෙම සිදුවීමේ සත්‍ය තත්ත්වය නම් පැලවත්ත කිරිපිටි නිෂ්පාදන මිලදී ගැනීමට මහජනතාව දිගු පෝලිම්වල රැඳී සිටීමට හේතුව කුමක්ද යන්න සොයා බලන ලෙසට ජනාධිපතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත උපදෙස් ලබා දී ඇති බව ද එම නිවේදනය වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ඒ අනුව මෙම සිදුවීම පිළිබඳව පොලීසිය සිදුකළ සොයා බැලීමේදී තදබදය සහ පෝලිම් ඇතිවීමට හේතුව ජුබිලි කණුව, ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි අලෙවි සැල මගින් කිරිපිටි නිෂ්පාදන නිකුත් කිරීමේදී ඇතිවන ප්‍රමාදයත්, එය එක් කවුළුවකින් පමණක් අදාළ නිෂ්පාදන අලෙවි කිරීමත් බව නිරීක්ෂණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය කියා සිටින්නේ.

එබැවින් පැලවත්ත කිරිපිටි නිෂ්පාදන සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක සමග බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (30) සාකච්ඡාවක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම ප්‍රදේශවල සමාගමේ අලෙවි ස්ථාන වැඩිකොට කිරිපිටි නිෂ්පාදන අලෙවි සැල් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කෙරුණා.

ඒ අනුව ජනතාවට තදබදයකින් තොරව හා පෝලිම්වල රැඳී නොසිට එම නිෂ්පාදන මිලදී ගැනීමට ස්ථාන කිහිපයක දී ම අවස්ථාව හෙට (31) දින සිට හැකි බවත්, හෙට සිට පැලවත්ත කිරිපිටි නිෂ්පාදන තවත් ස්ථානවල අලෙවිසැල් ක්‍රියාත්මක කිරීමට ද මේ වනවිට අදාළ කටයුතු සූදානම් කර ඇති බව ද පොලිස් නිවේදනයේ සඳහන්.

මෙම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු පළ කරමින් පොලීසිය මගින් කිරිපිටි අලෙවි ස්ථාන සීල් තැබීමට කටයුතු කර ඇති බවට වැරදි තොරතුරු පළ කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ හේතුවෙන් මෙවැනි අසත්‍ය චෝදනා ශ්‍රී ලංකා පොලිසිය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය වැඩිදුරටත් සිය නිවේදනය මගින් දැනුම් දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now