ප්‍රසිද්ධ ආයතනයක, යෝගට් සහ අයිස්ක්‍රිම් තොගයක් සම්බන්ධයෙන් ගත් තීරණයක්.
ලංකාවේ ප්‍රසිද්ධ කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනකට අයත් ශීතාගාර පහසුකම් නොමැතිව බෙදාහැරීම් සදහා ප්‍රවාහනය කරමින් තිබු රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන්දහසක් වටිනා යෝගට් සහ අයිස් ක්‍රීම් තොගය විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ ය.
එහිදී යෝගට් 2144 ක් ද, අයිස්ක්‍රීමි ලීටරයක් සහිත කප් 120ක් ද, ලීටර් දෙකේ කප් 62ක් ද, ලීටර් හතරේ කප් 5ක් ද, සමග ලොරි රථය හබරාදූව ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය සහ ලොරි රථය බී වාර්තාවක් මගින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත (31) වෙනිදා ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ තුනක ශරීර ඇප මත සැකකරුවන් මුදාහැර තිබෙනවා.
එමෙන්ම අධිකරණය විසින් අදාල ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමටත් නියෝග කොට තිබෙනවා.
ඒ අනුව සැකකරුවන්ට රුපියල් දසදහසක (10,000 ) ක දඩයක් නියම කළ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ ය.
කෙසේවෙතත්, නැවත ව්‍යාපාර කටයුතු සිදුකිරීමට නම් අවශ්‍ය ශීතාගාර පහසුකම් යොදා අධිකරණයේ අවසරය ලබා ගත යුතු බවට ද අධිකරණය නියෝග කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |