ජනප්‍රිය නළු මිහිර සිරිතිලක, ජනප්‍රිය නිළි නිරෝෂා තලගල සමගින් යුග දිවියට ගිහින්ද?
අපේ රටේ කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය වගේම නිහතමානී රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ.
ඉතින් ඒ වගේම පුංචි තිරයෙන් රිදී තිරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය මේ වන විට සෙනෙහෙබර මවක් කියන එකත් හැමෝම දන්නා කාරණයක්. ඉතින් ඒ වගේ තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ වෘත්තීය නර්ථන ශිල්පිනියක්. ඇයගේම නර්ථන කණ්ඩායමක්ද ඇය සතු වෙනවා.
ඉතින් මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය නිරෝෂා තලගල ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට හිටි හැටියේ සටහනක් එකතු කරමින් මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුණා. Today event, හදසියේ කසාද බැන්ද party පසුව කියලා මේ විදිහට ඇය සඳහන් කරලා තිබුණා.
කොහොම නමුත් සති අන්තයේ හැමෝටම හිනාව අරගෙන එන ඉගි බිගි ටෙලිනාට්‍යයේ සබියා ලෙසට රංගනයෙන් දායක වන නිරෝෂා තලගල එම ටෙලි නාට්‍යයේම පිනා ලෙසට රංගනයෙන් දායක වෙන ජනප්‍රිය නළු මිහිර සිරිතික සමඟින් හදිසියේම යුග දිවියට එලබිලාද, කොහොම නමුත් අපේ රටේ රංගන ක්ෂේත්‍රයට වෙනස්ම ආකාරයේ හාස්‍ය මුසුවක් එක් කළ අති දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට මිහිර සිරිතිලකගේ හදුන්වලා දෙන්න පුළුවන්.
ජාතික තරුණසේවා සභාව හරහා 1998දී වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට පා තැබූ ඔහුගේ පළමු කෙටි නාට්‍ය වූයේ බොට හොදනම් මටමොකෝ කෙටි නාට්‍යයි. මෙම කෙටි නාට්‍යයේ රංගනය වෙනුවෙන් මිහිර සිරිතිලක සම්මානයක්ද දිනා ගත්තා.
ඉතින් ඒ වගේම ඔහු රංගනයෙන් දායක වූ ජනප්‍රිය ටෙලිනාට්‍ය වන්නේ ඇන්ඩ් කොම්පැනි, පබළු, මුතු පළස, ආටක නාටක, මෙඩි සිනා, සබද එලියස්, සකල ගුරු සහ තුරුම්පූ ආසියා යන ටෙලිනාට්‍යයි.
ඔහු රගපෑ ප්‍රධාන සිනමාපට වන්නේ හිරි පොද වැස්ස, සිකුරු හතේ, සුපර් සික්ස්, කෝ මාර්ක් නෝ මාර්ක්, සුහද කොකා, උලත් එකෛ පිළත් එකයි යන සිනමාපටයන්.
කොහොම නමුත් මේ දක්ෂ ජනප්‍රිය කළා කරුවන් දෙදෙනා එකතු වෙලා කරපු අපූරු ෆොටෝ ශූට් එකක් කියලා තමයි අපිටනම් දැනගන්න ලැබුනේ.