මයික්‍රෝ ප්ලාස්ටික් දරු ගැබට රිංගන ආකාරය ගැන අනාවරණයක්.
Sri Lanka
Pregnancy
By Wayomi
මයික්‍රෝ ප්ලාස්ටික් හෙවත් ශුද්‍ර ප්ලාස්ටික් දරු ගැබට ඇතුළුවන බවට සොයාගෙන තිබෙනවා.
ඒ, සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, ව්‍යුහ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සජිත් එදිරිසිංහ කියා සිටියේ, ගර්භණී මව්වරුන්ගේ ශ්වසන මාර්ගය ඔස්සේ මයික්‍රෝ ප්ලාස්ටික් දරු ගැබට ඇතුල් වන බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මයික්‍රෝ ප්ලාස්ටික් හෙවත් ශුද්‍ර ප්ලාස්ටික් ඒ.ටී.එම්. කාඩ් පතක ප්‍රමාණයක් නැතහොත් ග්‍රෑම් පහක් සෑම අයෙකුම සතියකට ආහාර ගන්නා බවයි.
එලෙස මයික්‍රෝ ප්ලාස්ටික් ශරීරගත වූ පසුව පෙණහලු පිළිකා, වකුගඩුවේ පිළිකා, පියයුරු පිළිකා සේම විවිධ රෝග තත්ත්වයන් ඇතිවන බව පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |