ගාලු ප්‍රේක්ෂකයින්ගෙන් මිකීට අමතක නොවන සමුගැනීමේ සාදයක්(PHOTOS)

By Sewvandhi Dec 03, 2021 12:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට ජයග්‍රාහී සමුදීමක් පිරිනමන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අද හැකියාව ලැබුණා. ඒ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගවලිය ජයගෙන සෝබර්ස් තිසේරා කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම සතුකර ගැනීමත් සමඟයි.

මේ අතර සිය කොන්ත්‍රාත් කාලය අවසන්ව ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් නික්ම යන මිකී ආතර් ට සුබ පතන්නට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට එක්ව සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ද අමතක කළේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයත් සමඟ තමන්ට සුබ පැතුම් එක්කරන්නට පැමිණි දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයි අතරට ගොස් ජයග්‍රහණයේ සතුට බෙදාගන්නට මිකී ආතර් කටයුතු කිරීම ද සුවිශේෂී සිදුවීමක් වුණා.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුරේ සමුගන්නා මිකී ආතර් එංගලන්තයේ ඩර්බිෂයර් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස පත්කර ගන්නා බව එහි බලධාරීන් මීට පෙර ප්‍රකාශකර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGallery
ReeCha