නුවරඑළියේ දුප්පත් අහිංසක දරුවන් 250කට මම මගේ පඩියෙන් ලක්ෂ හයක සපත්තු අරගෙන දුන්නා-මිෂෙල් දිල්හාරා (PHOTOS)
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කාසි ටෙලිනාට්‍යයේ සාගරිකාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සම්මානනීය රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියලා කියන්නේ.
ඒ වගේම ඇය සමාජ සේවිකාවක් විදිහටත් අපේ රටේ ඉතාම ජනප්‍රියයි. ඉතින් පහුගිය දවසක ඇය රංගනයෙන් උපයාගන්න මුදලින් කරපු තවත් ප්‍රජා සේවාවක් ගැන තමයි අපි මේ විදිහට කියන්න යන්නේ.
ඉතින් ඇත්තටම මුළු රටම ආර්ථික ප්‍රශ්නයකින් මිරිකෙන වෙලාවක ඇය කරපු මේ හොඳ වැඩේ ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල නාට්‍යවල රූගත කිරීම් කරගෙන යනවා වගේම ඒ ඇරුණහම පරිසර හා සම්බන්ධ ව්‍යාපෘති කිහිපයක් සහ සමාජ සේවා වැඩ කිහිපයක් කරගෙන යනවා කියලයි ඇය කියන්නේ.
ඒ වගේම පහුගිය දවස් ටිකේ අත්‍යවශ්‍ය පාසල් දරුවන් 250 කට අවශ්‍ය පාසල් සපත්තු ලබා දෙන ව්‍යාපෘතියක් සිදුකළා කියලත් ඇය කියනවා. ඉතින් අද වෙනකොට මුළු ලෝකයම කොවිඩ් වසංගතයෙන් පසුව ආර්ථික වශයෙන් දරුණු කඩා වැටීමකට ලක් වෙලා තියෙන නිසා ඒ කඩාවැටීම ලංකාවටත් විශාල ලෙස පසුගිය කාලයේ බලපෑවා කියලයි ඇය කියන්නේ.
කොහොම නමුත් ළඟදී ඇයට නුවරඑළියේ රූගත කිරීමකට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ යනකොට ගොඩක් වහින වෙලාවක ඒ වැස්ස අතරේ පොඩි ළමයි ටිකක් ඇයගේ වාහනයට අත දැම්මාලු. ඉතින් ඒගොල්ලොන්ගේ ඉල්ලීම වුණේ කිලෝමීටර් දෙකක් විතර දුරක් ගෙනිහින් බස්සන්න කියලාලු. ඒ වගේම ළමයි ටික ඇයගෙ වාහනයට නැග්ගාට පස්සේ ඇය දැකලා තියෙනවා සමහර අයගෙ කකුල්වල සෙරෙප්පුත් නෑ වගේම සමහර අය සපත්තු වෙනුවට සෙරෙප්පු දාගෙන ඉන්නවා.








