නිවසේදීම කොරෝනා හදුනාගන්නා ක‍්‍රමයක් එයි..

sri lanka Covid patients
By Sithumi Aug 27, 2021 12:38 PM GMT
Sithumi

Sithumi

Report

තමන් කොරෝනා ආසාදිත දැයි නිවසේදීම හඳුනාගත හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරටට හඳුන්වාදීමට සුදානම් බවයි.

වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් සමග කොළඹ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසි ද දත්ත සැගවීමක් සිදු නොකරන බවද කී ඔහු යම් තාක්ෂණික හා කාලරාමු වන්හි සුළු සුළු වෙනස් වීම හේතුවෙන් ඇතමුන් පදනම් විරහිත චෝදනා එල්ල කරන බවත් කියා සිටියේය.