දෙයියනේ කොළඹ, ගම්පහ,ඇතුළු මේ ප්‍රදේශ පිළිබඳව ඇග කිළිපොලා යන හෙළිදරව්වක්
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසන පරිදි මෙරට තුළ මෙතම්ෆෙටමීන් (methamphetamine) හෙවත් අයිස් මත්ද්‍රව්‍ය භාවිතය වර්ධනය වෙමින් තිබෙන බවයි.
අදාල පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ, තමර දර්ශන මහතා සඳහන් කළේ, 2025 වසරේ පළමු මාස 10 තුළ පමණක් අයිස් භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් 60,000ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ මට්ටමක ඇති බවත්, මෙම තත්ත්වය පිළිබඳව සජීවී දත්ත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකදී තමර දර්ශන මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
"මෙතම්ෆෙටමීන් කියන මත්ද්‍රව්‍යයේ ක්‍රමික වැඩිවීමක් හඳුනාගන්න පුළුවන් පහුගිය අවුරුදු කිහිපය තුළ අත්අඩංගුවට පත්වීමේ සංඛ්‍යා ලේඛන අනුව. ගංජා සම්බන්ධයෙනුත් යම් ප්‍රවණතාවයක් හඳුනාගන්න පුළුවන්. හැබැයි හෙරොයින් සහ ගංජා කියන මත්ද්‍රව්‍ය දෙකට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය ඊට වඩා වැඩිවෙමින් පවතිනවා. මෙතම්ෆෙටමීන් සම්බන්ධයෙන් කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල වැඩි ව්‍යාපෘතියක් හඳුනාගන්න පුළුවන්. මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින්ගෙන් 99%ක්ම බහුවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින්. ඔවුන් අවස්ථානුකූලව එකක් හෝ කිහිපයක් භාවිත කරනවා."
යනුවෙන් පැවසීය. අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන තරුණ පිරිස් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් නැඹුරු වී ඇති බවත් සඳහන්.