ගජමුතු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
බේරුවෙල චීනකොටුව ප්රදේශයේදී ගජමුතු 02 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (29) සවස බේරුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වූ උස්වැව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සිද්ධිය සම්බන්ධව බේරුවෙල පොලිස් ස්ථානය මගින් තව දුරටත් විමර්ශන සිදු කරනු ලබයි.