අලුත් දේශපාලන පක්ෂ වලටනම් සුබයි වගේ

Report

මෙරට නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සදහන් කර තිබේ.

ඒ අනුව මෙම පසුගිය දිනවල නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වන ඇත.

තවද මෙලෙස ලියාපදිංචිය සඳහා දේශපාලන පක්ෂ 86ක් මෙවර අයදුම්පත් ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අදාළව සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ දේශපාලන පක්ෂ පහක් පමණකි.

ආපදා හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට වෙලා තියන හානිය මෙන්න

ආපදා හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට වෙලා තියන හානිය මෙන්න

එලෙස ලියාපදිංචි කළ දේශපාලන පක්ෂ පහ ලබන වසරේ (2026) ජනවාරි මාසයේදී ප්‍රකාශ කිරීමට සූදානම් වන බව සදහන් වේ.

ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවේ මේ වනවිට ලියාපදිංචි සමස්ත දේශපාලන පක්ෂ සංඛ්‍යාව 80කි.

එම දේශපාලන පක්ෂ අතරින් අටක් අක්‍රිය තත්ත්වයේ ඇත එයට හේතුව ඒවායේ ලේකම්වරු නොමැතිවීමයි.

මින් පෙර දේශපාලන පක්ෂ 83ක් ලියාපදිංචිව තිබුණද ඉන් තුනක් තහනමට ළක් කර තිබේ .

ගජමුතු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ගජමුතු සමග සැකකරුවෙකු අත්අඩංගුවට