අතිශය භයානක විය හැකි Phobia හෙවත් විවිධ දේවල් වලට ඇති බිය..මේ ගැන දැනගනිමු...
ඔබටත් කිහිප දෙනෙකු ඉදිරියට ගොස් කතාකිරීමට බයක් ඇතිවෙනව නම් වේදිකාවක් ඉදිරියට ගොස් ඉදිරිපත් කිරිමක් සිදු කරන්නට බයක් ඇතිවෙනව නම් ඒ වගේ අව්ස්ථාවලදී අනෙක් අය ඔබට හිනාවෙයි ,ඔයා කලන්ත දාලා වැටෙයි, වෙව්ලයි ,අනෙක් අය වැරදි විදියට හිතයි කියලා ඒ අවස්ථාවන්ගෙන් පැනල දුවනවනම් ඔබටත් මේ සමාජ භීතිකාව කියන දේ ඇතිවෙලා වෙන්න පුලුවන් .ඉතින් මේ තත්වයන් යම් කරදරකාරී තත්වයක් බවට පත්වෙලා නම් අද අරගෙන ආව ලිපිය ඔබට ගොඩක් වටිනවා.
මානසික රෝග
මානසික රෝග ගැන කතා කරනවිට මිනිසුන් තුල වැඩිපුරම දකින්නට ලැබෙන්නේ මෙවැනි රෝගයන් තමයි.මේවා සාමන්‍ය පුද්ගලයන් තුල ඇතිවන සාමාන්‍ය ක්‍රියාවලියන් වෙනවා වගේම ඒවා කිසියම් වූ රාමුවක් තුල තමයි ඉතින් සිරුර පුරා ක්‍රියාත්මක වෙන්නෙ.නමුත් මේ තත්වයන් මේ රාමුවෙන් බැහැර ගියාම අපිට පාලනය කරගත නොහැකි තත්වයට පත් වෙනවා.එවැනි අව්සථාවලදී ඔබ මනෝවෛද්‍යවරයෙකුගේ සහය ලබාගැනීම ඉතාමත්ම අත්‍යාවශ්‍ය වෙනවා.මොකද මේ තත්වයන් එන්න එන්න වැඩිවෙලා අන්තිමට ඔයා depression (විශාදය) වගේම මත්ද්‍රව්‍ය වලට පවා ඇබ්බැහි වෙන්න පුලුවන් ඒවගේම මේ තත්වයන් දරාගන්න බැරි වූ අවස්ථාව වලදී සිය දිවි හානි කරගැනීම් වලට පවා මිනිසුන් යොමු වුන අවස්ථාවන් අපි ඕනෑතරම් අහල තියනවා.
Phobia කියන්නේ මොකක්ද
අපි මුලින්ම බලමු මොකක්ද Phobia කියන්නේ කියලා .යම්කිසි දෙයක් හෝ අවස්තාවක් කෙරෙහි ඇති අසාමන්‍යය හෝ අධික බය හේතු කරගෙන ඒවා මගහැරීම තමයි අපි Phobia එකක් කියල කියන්නේ.
දැනට සමාජයේ බහුලව දක්නට ලැබෙන Phobia කීපයක් නම්,
- Arachnophobia – මකුළුවන් කෙරෙහි ඇති බය
- Ophidiophobia – නයි කෙරෙහි ඇති බය
- Glossophobia – පිරිසක් ඉදිරියේ කතා කිරීමට ඇති බය
- Monophobia – තනිවම සිටීමට ඇති බය.
- Social Phobia- ස්මාජ භීතිකාව අද අපි කතා කිරීමට යන්නේ Social Phobia ගැනයි.
Social Phobia
කෙටියෙන්ම කිව්වොත් සමාජය තුල ගැවසීමටත්, අන්‍යොන්‍යය සබදතා පැවැත්වීමටත් ඇති බිය තමයි Social Phobia කියලා හදුන්වන්නේ .අනික් අය මේ අයව දකින්නේ ලැජ්ජාශීලී, නිශ්ෂබ්ද, පසුගාමී, නිශේදිත, මිතුරු නොවන, නොසැලකිලිමත්, කලබල, කම්මැලි පිරිසක් විදියටයි. නමුත් ඇත්තටම ඔවුන් යහළුවන් ඇතිකර ගැනීමට කැමති, කන්ඩායම් වලට සහභාගී වීමට කැමති, සමාජ අන්තර්ක්‍රියා වලට කැමතියි . නමුත් ඔවුන්ගේ Social Phobia තත්වය එම ආසාවන් යටපත් කරනවා.
Social Phobia කියන්නේ තමන්ට විතරක් තියෙන දෙයක් නෙවෙයි, ගොඩාක් අය මුහුන දෙන දෙයක්, නමුත් මෙය ඇතිවන අවස්තා පුදගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා . හැබයි ඔබ මතක තබාගත යුතු දෙයක් තමයි සමාජය සමග කටයුතු කරන විට කලාතුරකින් තමන්ට එක බය Social Phobia කියල හිතන්න එපා. කතාවක් කිරීමට, විභාගයකට පෙර අපිට බියක් ඇතිවීම සාමන්‍යය දෙයක්. ඒවා Social Phobia නොවෙයි මොකද එම කුඩා බිය අපගේ ජීවිත්යේ එදිනෙදා කටයුතු වලට බලපැමක් ඇති වෙන්නේ නැති නිසා. නමුත් ඒ බිය මගින් පගේ ජීවිත්යේ එදිනෙදා කටයුතු වලට බලපැමක් එනවානම් එය බොහෝ විට Social Phobia විය හැකියි.
Social Phobia ඇති වෙන්න හේතු
- නුහුරු අලුත් පුද්ගලයින් මුනගැසීම ප්‍රසිද්ධියේ කතා කිරීම
- වේදිකාවක් මත යමක් ඉදිපත් කිරීම
- වටපිටවේ අයගේ අවධානයට ලක්වීම
- යමක් කරන විට වෙනත් අයෙක් බලා සිටීම
- විවේචනයට ලක් වීම
- විශේෂ පුද්ගලයින් සමග කතා කිරීම
- පංතියකදී ගුරුවරයකු කතා කිරීම
- Date එකකදී විභාගයකදී
- පොදු වැසිකිලි භාවිතයේදී
- දුරකතන ඇමතුමකදී
- පාටි වලදීමේ වගෙ අවස්ථාවල් වලදී Social Phobia බහුලව ඇති වෙනවා .
Social Phobia හි ලක්ෂණ
01.මානසික රෝග ලක්ෂන
- සමාජය සමග ගැවසෙන විට ඇති අධික සබකෝලය හා සාංකාව
- ඉදිරියෙදී පිරිසක් සමග කරන්නට ඇති දෙයක් සිතමින්, දවස්, සති, මාස ගනන් පීඩා විදීම
- අනෙක් අය විශේෂයෙන් තමන් නොදන්නා අය බලාගෙන සිටින විට හෝ විනිශ්චය වීමට ඇති අධික බය
- තමන් අපසුතාවට, ලැජ්ජාවට පත්වෙන ආකාරයට ක්‍රිය කරයි කියා තමුන්ම බිය වීම
- තමන් කලබල වී සිටින බව අනික් අය දැන ගනීයැයි ඇති බිය
02.කායික රෝග ලක්ෂණ
- මුහුන රතු වීම
- හුස්ම ගැනීමේ අපහසුව
- බඩ දැගලීම, වමනය ගතිය
- වෙව්ලීම
- හද ගැස්ම වැඩි වීම
- දාඩිය දැමීම
- ක්ලාන්ත ගතිය සහ කලාන්තය දැමීම
03.හැසිරීම සම්බන්ධ ලක්ෂණ
- සමාජ ඝට්ටනය අවම කිරීම
- සමාජයේ ගැවසෙන විට නිශ්ශබ්ද වීම සහ සැගවීම
- ඕනෑම තැනකට තමාට පහසු විශ්වාසවන්ත අයෙකු ගෙන යාම
- සමාජයට යෑමට පෙර මත් පැන් පානය
Social Phobia වලින් ගොඩ එමු
සෘනාත්මක සිතුවිලි වලට අභියෝග කරන්න තමන් කෙරෙහි නොව, අනෙක් අය කෙරෙහි අවදානය යොමු කරන්න හුස්ම පාලනය කරන්න ඔබේ භීතිකවට මුහුන දෙන්න වඩා සමාජීය වීමට වෑයම් කරන්න කාංසාවට එරෙහි ජීවන රටාවකට හුරුවන්න (Antianxiety lifestyle)
Social Phobia සදහා ප්‍රතිකාර
මේ රෝගී තත්වයන් නිවැර්දි මනෝවෛද්‍ය ප්‍රතිකාර වලින් සුව කරගන්න පුලුවන්. ඒ වගේම මේ රෝග සුව වීමට බොහෝ කල් ගත වෙන්නත් පුලුවන්. ඒ නිසා නිවැරැදි ප්‍රතිකාර වලට කාලාන්තරයක් තිස්සේ සහභාගි වීම ගොඩක් වැදගත් වෙනවා. මෙහිදී මනෝවෛද්‍යවරයෙකු විසින් ඖෂධ ප්‍රතිකාර වගේම බොහෝ දුරට ඖෂධ රහිත මනෝ චිකිත්සාවේදී ප්‍රතිකාර තමා යොදාගන්නෙ. එහිදී රෝගියාට යම්කිසි ඉලක්කයක් ලබාදී එය මුදුන් පමුනුවා ගන්න තමා සලස්වන්නෙ.
අපි හිතමුකෝ ඔයාට වේදිකාවක කතාවක් පවත්වන්න බියක් පවතිනවා කියලා ඉතින් මේ චිකිත්සාවේදී කරන්නේ මේ කියාවලිය සම්පූර්ණ කරගැනීමක් target එක විදියට තියාගැනීම තමයි. මීලගට අපි රෝගියාව මේ රෝගී තත්වය පිලිබද දැනුවත් කරනවා. ප්‍රතිකාර කරන ආකාරය වගේම දීර්ඝ කාලිනව නොකඩවා මේ ප්‍රතිකාර සදහා යොමුවුනොත් මේ තත්වය වලක්වාගැනීමට ඉක්මනින් පුලුවන් .
Phobia List එකක්
ඊලගට ඔබට phobia දැනෙන අවස්ථාවන් ලිස්ට් එකක් හදන්න කියනවා.ඒ ලිස්ට් එකේ පිලිවෙලට අපි මැදින් පටන් ගෙන ඔබව ක්‍රමක් ක්‍රමයෙන් මේ තත්ව වලට නිරාවරණය කරවනවා. එහිදී ඔබට අපහසුතාවයන් දැනුනත් කිහිප වරක් මේ තත්ව වලට නිරාවරණය වුනාම ඉබේම මේ කියන තත්වයන් මග හැරිලා යනවා. ඉතින් මේ තත්වවලට නිරාවරණය වෙද්දි දැනෙන අපහසුව වළක්වා ගන්න breathing exercise වගේම relaxing method, counting method වගේ දේවල් භාවිතා කරනවා.
ඒවගේම අපිට කන්නාඩියක් ඉස්සරහට ගිහින් පුහුනුවීම , යහලුවෙකු ඉදිරියේ කතාවක් පවත්වා පුරුදු වීම වගේ දේවල් තමාටම වුණත් සිදුකරගන්න පුලුවන් සරල දේවල් ඒ වගේම වීඩීයෝ ගත කර නැවත බැලීම මගින් තරමක් දුරට මේ තත්වයන් මගහැරගන්නත් ඔබටම පුලුවන්. ඉතින් මේ සදහා වෘත්තීමය චික්ත්සකවරුන්ගේ සහය අපිට ලබාගන්න පුලුවන් .ඉතින් ඔයාට හරි ඔයා දන්න කියන යාලුවෙක්ට මේ තත්වයන් තියනවනම් මේ සදහා තිබෙන මේ ප්‍රතිකාර ක්‍රම ගැන දැනුවත් කරන එක ගොඩක් වටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |