ජනපති හා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක්..

Report

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය සහ ජනපති අතර හමුවක් අද (11) පැවැත්වීමට නියමිතයි.

ඒ බදු ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, ආණ්ඩුව මෙතෙක් ලබා දී ඇති කිසිදු පොරොන්දුවක් ඉටු කර නොමැති බවයි.

මෙවර අයවැයෙන් අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබා දීමට රජය පියවර නොගත හොත් විරෝධතා ක්‍රියාමාර්ග තීව්‍ර කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ උපසභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසනවා.