අත්‍යාවශ්‍ය ඖෂධ 60කට අයත් මාත්‍රා වර්ග 131ක මිල ඉහළට..සංශෝධනය වු උපරිම සිල්ලර මිල ගණන් සියල්ල මෙන්න.
අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ගණන් නියම කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය මේ බව දැනුම් දී ඇත. ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ 60කට අයත් මාත්‍රා වර්ග 131ක මිල නියාමනය කර උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
එම ඖෂධ කිසිවක් උපරිම සිල්ලර මිලට ඉහළින් අලෙවි කිරීම නීතිවිරෝධි කටයුත්තක් වන බවද එම අමාත්‍යාංශය නිවේදනය කරයි. යම් ස්ථානයක පාලන මිල උල්ලංඝනය කරමින් ඖෂධ අලෙවි කරන්නේ නම්, complaints@nmra.gov.lk පිළිබඳ දන්වන ලෙස අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා පවසයි.
ඩොලරයේ අගය ඉහළ යෑම අනුව පසුගිය අගෝස්තු මාසයේ දී සියයට 9ක පමණ මිල ඉහළ දැමීමකට අවසර ලබාදුන් බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මිල ඉහළ යාමෙන් පසුව උපරිම සිල්ලර මිල ගණන් නියම වු ඖෂධ ලැයිස්තුව පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






