ඔබත් පරිස්සමෙන්.. ගමන් මලු 45 ක තිබී සොයාගත් ඇග කිළිපොලා යන භයානක දේවල් මෙන්න
Police spokesman
Crime
By Sithumi
උතුරු මෙක්සිකෝවේ බලධාරීන් විසින් ඝුඅඩලජර හි වනාන්තර ප්‍රදේශයකින් මිනිස් සිරුරේ කොටස් අඩංගු ගමන් මලු 45ක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයා ගත් මිනිස් ශරීර කොටස් අතර කාන්තාවන්ගේ සිරුරු කොටස් තිබූ අතර ජාත්‍යන්තර මාධ්‍ය මූලාශ්‍ර මේ වන විට ඊට සම්බන්ධ මුළු සිරුරු සංඛ්‍යාව නිශ්චය කිරීමට උත්සාහ කළා.
ඒ අවට තවත් මිනිස් සිරුරු තිබේද යන්න සොයා බැලීම සඳහා අතිරේක සෝදිසි මෙහෙයුම් සැලසුම් කර ඇති අතර ගමන් මලුවල තිබී සිරුරු කොටස් හමුවූ පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ද අඛණ්ඩ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.