පදික වෙළෙඳුන්ගේ ගැටළු විසඳීමට පියවර..

Sri Lanka Sagala Ratnayaka
By krishani Apr 07, 2023 07:16 AM GMT
krishani

krishani

Report

එළඹෙන උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරත වීමට පරිසරය නිර්මාණ කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සඳහන් කළේ ය.

ඒ ඊයේ(06) ජනාධිපති කාර්යාලයේ දී කොළොම්තොට එක්සත් වෙළඳ සංගමය ඇතුළු පදික වෙළෙඳ සංගම් නියෝජිතයන් හමු වූ අවස්ථාවේ දී ය.

එහිදී පදික වෙළෙඳුන්ගේ ගැටළු ජනපතිවරයා සමඟ සාකච්ඡා කර එයට නිසි විසඳුම් ලබාදීමට කමිටුවක් පත්කරන බවත් ඔහු පැවසීය.

එමෙන්ම පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරමින් පදික වෙළෙඳුන් ඉදිරිපත් කළ ඇතැම් ගැටලුවලට ඒ අවස්ථාවේදී ම විසඳුම් ලබා දීමට ද පියවර ගෙන ඇති අතර ඔවුන් සදහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම ගැන ද අවධානය යොමු විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join