ස්වාධීන වූ මන්ත්‍රීවරු 07ක් එක්ව හදිසියේම චීන තානාපති හමුවෙයි..සාකච්ඡා කළේ මොනවද..? - තනාපතිගෙන් විශේෂ ට්විටර් සටහනක්

Report

ආණ්ඩු පක්ෂයේ සිටිමින් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතරින් මන්ත්‍රීවරු 07ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හමුවී තිබෙනවා.

ඒ අනුර ප්‍රියදර්ශන යාපා, පූජ්‍ය අතුරුලියේ රතන හිමි, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දයාසිරි ජසේකර , වීරසුමන වීරසිංහ, ජගත් පුෂ්පකුමාර යන මන්ත්‍රීවරුයි.

මෙහිදී එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සිය මතය ඉදිරිපත් කළ බව තානාපති කාර්යාලය සිය Twitter ගිණුමේ සටහනක් තබම්න් පවසනවා.

ඊට අමතරව චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර හා දෙපාර්ශ්වයට වැදගත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳව මෙහිදී තානාපතිවරයා හා මන්ත්‍රීවරු අතර හුවමාරු වු බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

එසේම චීනයේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාව වෙත බලාපොරොත්තුවන බවයි මන්ත්‍රීවරු මෙහිදී සඳහන් කර ඇත්තේ. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now